පහළට යන්න

සාම පාගමන

රත්මලාන ශාසනාරක්ෂක බලමණ්ඩලය සහ දහම් ගුරු සංගමය ඒකාබද්ධව ප්‍රාදේශීය මට්ටමින් සියලූම දහම් පාසල් ඒකරාශී වී 2025/7/6 වන ඉරු දින පවත්වන්නට යෙදුණ සාම පාගමන ඉතාමත්ම සාර්ථක ලෙස නිමා කිරීමට හැකියාව ලැබිණි. 

ප්‍රාදේශීය මට්ටමින් රත්මලාන බල ප්‍රදේශයෙහි ඇති සියලුම දහම් පාසල්වල සිසු සිසුවියන්ගේ මූලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් “දහම් අධ්‍යාපනය රැකගනිමු.” යන තේමාව යටතේ මෙම පා ගමන ගල්කිස්ස සිරි සුමන ජෝති දහම් පාසල සිට රත්මලාන ධම්මිකාරාම විහාරස්ථානයෙන් නිමා වන පරිදි සංවිධානය කර තිබූ අතර මේ හරහා ප්‍රාදේශීය මට්ටමින් සහ ජාතික මට්ටමින් රට තුළ පවතින ගැටලු කිහිපයක් පිළිබඳ ජනතා අවධානය යොමු කිරීමට කටයුතු කළ අතර දහම් පාසල් අධ්‍යාපන ක්‍රමයට පමණක් නිරාකරණය කළ හැකි පුද්ගල සදාචාරාත්මක යහපැවැත්ම ඇති කිරීම සහ සුපහන් සමාජයක් ගොඩනඟනුවස් විවිධ තේමා පාඨ සහිත පුවරු රැගත් දහම් පාසල් සිසුන් දහසකට අධික පිරිසක් සහභාගී වූ මෙම සාම පාගමන පහත සඳහන් ගැටලු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට යෙදිණි. 

මත් උවදුරු පිටුදැකීම 
නිසි පරිදි පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීම 
ඉරිදා දින අමතර පන්ති පැවැත්වීම 
පුද්ගල මානව ගුණධර්ම වර්ධනය 
නිත්‍ය පන්සිල් සුරකින සමාජයක් බිහි කිරීම 

ආදී විවිධාකාර වූ ජනතාව දැනුවත් කිරීමේ පාඨ සහිත පුවරු රැගත් දහම් දූ දරුවන් මේ සඳහා අපරිමිත කැපකිරීමක් සිදුකරන්නට යෙදුණි. ප්‍රාදේශීය මට්ටමින් පොලිසිය, ප්‍රාදේශීය ලේකම්වරයා, අනෙකුත් ශාසනාරක්ෂක බලමණ්ඩලය සහ දහම් ගුරු සංගමයෙහි නිලධාරීන්ගේ නොමද සහයෝගය මේ සඳහා නොමසුරුව ලබාදීමෙන් මෙම සාම පාගමන ඉතාමත්ම සාර්ථක ලෙස සිදුකර ගැනීමට හැකියාව ලැබිණි.

සාම පාගමන

පළ කළේ 2025 ජූලි 07