2024 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ජයග්‍රහණය
අප පිරිවෙන් විහාරස්ථානයේ 2024(2025) වර්ෂයට අදාළව පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ශිෂ්‍ය දරුවන් ප්‍රමාණයෙන් නව දෙනෙක් වුවද එම සියලූම සිසුන් මෙම පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලු විෂයන්ට විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින් සමත් වීම වෙනුවෙන් ඔවුනට පළමුව සුභාශිංසන පිරිනමි. සියලු සිසුන් සඳහා පහසුකම් හා අවස්ථාවන් ලබා දී පු ගුරු සිසු සැමට නායකත්වය සහ මගපෙන්වීම සිදුකළ ගරු කෘත්‍යාධිකාරී නායක ස්වාමීන් වහන්සේට ද පුණ්‍යානුමෝදනා කරනු කැමැත්තෙමි. එපමණක් ද නොව මෙම සියලු විශිෂ්ට සාමාර්ථයන් පිටුපස රාජකාරියට එහා ගොස් අතිරේක පන්ති පවත්වමින් සිසුන්හට නිවැරදි මග පෙන්වීම සිදුකරමින් දිරිගන්වමින් කැපවීමෙන් ඉගැන්වීම් කටයුතු සිදු කළ සියලු ආචාර්ය මණ්ඩලයේ ගුරු හිමිවරුන්ට සහ මහත්මාවරුන්ට ද ස්තුතිවන්ත වෙමි. 2024 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයෙන් 100% ප්‍රතිඵල ලබා ගැනීම පිරිවන ආයතනයත් ගුරු සිසූ භාරකරුවන් ඇතුළු සමස්ත පිරිවෙන් ප්‍රජාවම ලැබූ සුවිසල් ජයග්‍රහණයක් බව සතුටින් සිහිපත් කරනු කැමැත්තෙමි.