පරම ධම්ම චේතිය පිරිවෙන සහ චීනයේ ටිබෙටෝලොජි පර්යේෂණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම
ශ්‍රී ලංකාවේ නූතන පිරිවෙන් අධ්‍යාපනයේ මාර්ගෝපදර්ශකයා වන රත්මලාන පරම ධම්ම චේතිය මහ පිරිවෙන චීනයේ ටිබෙටෝලොජි පර්යේෂණ ආයතනය සමඟ පුහුණු වැඩසටහන් මෙහෙයවීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට 2024 ජූලි මස 15 වන දින අත්සන් තැබීම සිදු විය.
මෙම අවස්ථාවට ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී ලංකා කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමි ඇතුළු සංඝරත්නය සමඟ විදේශ නියෝජිතයින් සහභාගී වූ අතර, මෙම ආයතනය මගින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පැවැත්වීම, ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කිරීම, අධ්‍යාපනය පිළිබඳව පර්යේෂණ තොරතුරු හුවමාරු කර ගැනීම, රටවල් අතර සහයෝගීතා අධ්‍යාපනය, පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩසටහන් සඳහා ගිවිසුම් ගත වන ලදි.