වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් 1841 මැයි මාසයේදී වස් විසීම සඳහා සිද්ධාර්ථ හිමියන් රත්මලාන ග්‍රාමයට වැඩම කළ අතර, දොන් ජෙරනිමුස් සෙනෙවිරත්න රාලහාමි විසින් පූජා කල ඉඩමේ පොල් අත්තෙන් තැනවූ කුඩා ආවාසයක වස් කාලය විසූහ. එය නූතන පාරිවේණික අධ්‍යාපනයේ මාර්ගදර්ශකයා ලෙස සැලකෙන පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ ආරම්භයයි.
එහි සිට ශිෂ්‍යයන් දෙතුන් දෙනෙකුගෙන් ඉගැන්වීම ආරම්භ වූ අතර, කෙටි කාලයකින්ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දහහත් නමක් දක්වා එය වර්ධනය වූ අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ද, රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නාහිමි ද ඒ අතර වූහ.
නිදහස් සටනේදී ජාතික නායකයින් සිය උපක්‍රමයන් පිළිබඳව සාකච්ඡා කිරීමට නිතර මෙම පුද බිමෙහි එක් රැස් වූ අතර මෙරට පළමු උභයශේඛර ස්වර්ණ මුද්‍රිකාව සහිතව පණ්ඩිත උපාධිය ලැබූ ශිෂ්‍ය භික්ෂුව බිහි කිරීමේ ගෞරවය හිමි වන්නේ ද පරම ධම්ම පිරිවෙනට ය. මෙරට පළමු පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලය පිහිටවූයේ ද පරම ධම්ම පිරිවෙනෙහි ය.
ඉතිහාසය පිළිබඳව වැඩිදුර කියවන්න