පහළට යන්න

වලානේ සට්ඨිස්සර මහ තෙරුන් වහන්සේ

වලානේ ධම්මානන්ද හිමියන්ගේද සූරියගොඩ සුමංගල හිමියන්ගේද ශිෂ්‍යයකු වූ වලානේ සට්ඨිස්සර මහා ස්වාමින් වහන්සේ 1942 දී පරම ධම්ම චේතිය පිරිවෙනේ විහාරාධිපති ධූරයට පත් වූහ. කටුක දෙවන ලෝක මහා සංග්‍රාම සමයේදී පිරිවෙන ප්‍රතිසංස්කරණය කරගෙන පවත්වාගෙන යාම, පිරිවෙනේ මනරම් ස්තූපය ඉදිකිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය පිහිටුවීම ද උන්වහන්සේගේ නායකත්වයෙන් සිදු විය.

වලානේ සට්ඨිස්සර මහ තෙරුන් වහන්සේ

වලානේ සට්ඨිස්සර

වලානේ සට්ඨිස්සර

මහ තෙරුන් වහන්සේ

මහ තෙරුන් වහන්සේ

වලානේ සට්ඨිස්සර මහ තෙරුන් වහන්සේ

විහාරාධිපති

1942 - 1960

වලානේ ධම්මානන්ද හිමියන්ගේද සූරියගොඩ සුමංගල හිමියන්ගේද ශිෂ්‍යයකු වූ වලානේ සට්ඨිස්සර මහා ස්වාමින් වහන්සේ 1942 දී පරම ධම්ම චේතිය පිරිවෙනේ විහාරාධිපති ධූරයට පත් වූහ.

කටුක දෙවන ලෝක මහා සංග්‍රාම සමයේදී පිරිවෙන ප්‍රතිසංස්කරණය කරගෙන පවත්වාගෙන යාම, පිරිවෙනේ මනරම් ස්තූපය ඉදිකිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය පිහිටුවීම ද උන්වහන්සේගේ නායකත්වයෙන් සිදු විය.

වලානේ සට්ඨිස්සර මහ තෙරුන් වහන්සේ වලානේ ධම්මානන්ද නාහිමියන්ගේ සහ සූරියගොඩ සුමංගල හිමියන්ගේ ද ශිෂ්‍ය රත්නයකි. සූරියගොඩ සුමංගල නාහිමියන් විදේශගතව සිටින සමයේ පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ වැඩබලන විහාරාධිපති ලෙස උන්වහන්සේ කටයුතු කරන ලදි. එහෙත් එංගලන්තයේ සිටියදී සුමංගල හිමියන් උපැවදි වීමත් සමඟ සට්ඨිස්සර හිමියෝ 1942 දී පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ නිත්‍ය විහාරාධිපති ධුරයට පත් වූහ.

සට්ඨිස්සර නාහිමියන් පිරිවෙනෙහි අභිවෘද්ධිය පිණිස ඉමහත් කැපවීමෙන් කටයුතු කළ අතර විශේෂයෙන් ඉතා කටුක සමයක් වූ දෙවනි ලෝක මහා සංග්‍රාම කාලයේ දී පිරිවෙන පවත්වාගෙන යනු ලැබූයේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හා උත්සාහයෙනි. 1935 දී පමණ ශ්‍රී සිද්ධාර්ථ පුස්තකාලය සහිත පිරිවෙන් ගොඩනැගිල්ල ගරා වැටෙමින් තිබූ අතර එවකට මහා මාර්ග හා කර්මාන්ත අමාත්‍යවරයා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සභාවක් පවත්වා ගෙන කාම්බෝජියේ මහරජතුමාගේද උපකාර ඇතිව යළි ප්‍රතිසංස්කරණය කොට සුරක්ෂිත කළහ. පිරිවෙනෙහි මන කාන්ත දාගැබ ඉදි වූයේ ද සට්ඨිස්සර නාහිමියන්ගේ සමයේය.

සට්ඨිස්සර හිමියන්ගේ සමයේදී සිදුවූ තවත් ඉතා වැදගත් ජාතික කර්තව්‍යයක් වූයේ පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලය (ගුරු අභ්‍යාස විද්‍යාලය) පිහිටුවීමයි. 2500 වැනි බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන පිහිටුවන ලද මෙය ලංකාවේ පිරිවෙන් ගුරුවරුන් පුහුණු කරන පළමු අභ්‍යාස විද්‍යාලය විය. සට්ඨිස්සර නාහිමියන්ගේ අනුශාසනාව පරිදි එවකට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයාව සිටි ශ්‍රේෂ්ඨ බෞද්ධ විද්වතෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ බලවත් ප්‍රයත්නය පරිදි පරම ධම්ම චේතිය පිරිවෙන් බිමෙහි මෙය පිහිටුවන ලදි. පසු කාලීනව මෙය අවිස්සාවේල්ල පුරවරයට ගෙන යන ලදි.

මෙලෙස පරම ධම්ම චේතිය පිරිවෙනට සහ ජාතියට අමිල සේවයක් ඉටුකළ වලානේ සට්ඨිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, උන්වහන්සේගේ ආචාර්යවරයාණන් වූ වලානේ ධම්මානන්ද හිමියන් අපවත් වූ දින වැනිම ජනවාරි මස 07 වන දිනක අපවත් වී වදාළේ 1960 වර්ෂයේදීය.