පහළට යන්න

Parama Dhamma Chethiya as a Reconciliation hub

ආරම්භයේ සිටම පරම ධම්ම චේතිය පිරිවෙන ආධ්‍යාත්මික සැනසීම, සමාජ සේවා සහ සංහිඳියාව සඳහා මධ්‍යස්ථානයක් විය. සැමට විවෘත, එය විවිධ ජනවාර්ගික සහ ආගමික පසුබිම්වල මිනිසුන් අතර එකමුතුව සහ සාමය පෝෂණය කරමින් කරුණාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහජීවනය ප්‍රවර්ධනය කරයි.

සහජීවන කේන්ද්‍රය

සහජීවන කේන්ද්‍රය

සහජීවන කේන්ද්‍රය

තිරසාර සාමයක් සහජීවනයක් කරා

තිරසාර සාමයක් සහජීවනයක් කරා

සහජීවන කේන්ද්‍රය

තිරසාර සාමය සහ එකමුතුව
උදෙසා මග පෑදීම

පරම ධම්ම චේතිය මහා පිරිවෙන ආධ්‍යාත්මික සුවය උදෙසා වූ බෞද්ධ විහාරස්ථානයක් පමණක් නොව, සමාජ සේවා වල සහ සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් ද වී ඇත.

ශ්‍රී ලංකාව විවිධ ජාතීන්ට සහ ආගම්වලට අයත් ජනතාවට නිවහන වූ ශිවයිනකි. බුදුදහම වනාහී සාමය, කරුණාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ සංහිඳියාව වඩවන දර්ශනයක් වන අතර එබැවින් 1841 සිය ආරම්භයේ සිටම පරම ධර්ම පිරිවෙන බෞද්ධයන්ට පමණක් නොව සියලු ජනතාවට විවෘතව පවතී.

දීර්ඝ ඉතිහාසය පුරා ඉපැයූ ගෞරවාදරය සහ දෙස් විදෙස් සබඳතා වලින් පොහොසත් වූ පරම ධම්ම පිරිවෙන සියළු ජන කොටස්වල ජනයා ඒකරාශී කර ගනිමින් තිරසාර සමගිය සහ සහජීවනය කරා මඟ පෙන්වීමට සමත්වී ඇත.

අප ගැන වැඩිදුර කියවන්න

අපගේ වෑයම

වැඩසටහන්

අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය වැඩි දියුණු කිරීම පිණිස එහි උත්සව සැමරුම් හා උත්සව සඳහා සහභාගී වන ලෙස විහාරස්ථානය සෑම විටම සියළුම වාර්ගික හා ආගමික කණ්ඩායම් නියෝජනය කරන ප්‍රජාව දිරිමත් කරයි. සියලු ප්‍රජාවගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කරයි.

විදේශ සබඳතා

පරම ධම්ම පිරිවෙන ලෝකය සමඟ විශේෂයෙන් ම එක්සත් ජනපදය හා ඉන්දියාව සමඟ ඇති ශක්තිමත් විදේශ සබඳතා ඔස්සේ සියලු ජනතාව සවිබල ගන්වන දේශීය කේන්ද්රස්ථානයක් ලෙස ක්රියා කරනු ලබයි.

සංවිධාන

සමාජ සේවා, සුබසාධනය, අධ්‍යාපනය සහ සංහිඳියාව වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බොහෝ සංවිධාන හා සමිතිවල මව් සංවිධානය වනුයේ පරම ධම්ම පිරිවෙනයි. ඒවා සියල්ලම පාහේ ජාති ආගම් භේදයකින් තොරව සියළු දෙනාටම විවෘතය.අපගේ සමිති සංවිධාන ගැන වැඩිදුර කියවන්න