දැනුම් ගබඩාවක් වන ජාත්‍යන්තර පුස්තකාලය බෞද්ධ ග්‍රන්ථ, ඓතිහාසික ග්‍රන්ථ සහ සමකාලීන පර්යේෂණ උඅපකාරක විශාල ප්‍රමාණයකින් සමන්විත වන අතර වෙළුම් දහස් ගණනකින් සමන්විත මෙම පුස්තකාලය භික්ෂූන් වහන්සේලා, විද්‍යාර්ථයින්, සිසුන් සහ බුදුදහම පිළිබඳ අවබෝධය ගැඹුරු කිරීමට කැමති ඕනෑම අයෙකු සඳහා උපකාරක මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. පුස්තකාලයේ ග්‍රන්ථ එකතුව තුල සාම්ප්‍රදායික ථෙරවාදී බෞද්ධ ග්‍රන්ථය පමණක් නොව අනෙකුත් බෞද්ධ සම්ප්‍රදායන්ගෙන් යුත් ග්‍රන්ථ මෙන්ම දර්ශනය, ආචාර ධර්ම, ඉතිහාසය සහ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ මෙන්ම වෙනත් ක්ෂේත්‍ර රාශියක කෘති වලින් ද සමන්විත වේ. මෙම අතිවිශාල දැනුම් ගබඩාව ශාස්ත්‍රීය අධ්‍යයනය, භාවනා පිළිවෙත් සහ පුද්ගලික අධ්‍යාත්මික වර්ධනය සඳහා අසමසම සේවයක් සපයයි.
භෞතික අධ්‍යාපන ආධාරක සැපයීමට අමතරව, පුස්තකාලය විසින් ඩිජිටල් ලේඛනගත කිරීම සහ දුර්ලභ ග්‍රන්ථ වෙත මාර්ගගත ප්‍රවේශය ලබාදීම සඳහා සහාය වන අතර, අනාගත පරම්පරාව සඳහා බෞද්ධ ඉගැන්වීම් සුරක්ෂිතව දායාද කිරීම ද අරමුණු කර ගෙන ඇත. මෙම සම්පත් සඳහා ප්‍රවේශය ලබා දීමෙන්, පරම ධම්ම චේතිය ජාත්‍යන්තර පුස්තකාලය ලොව පුරා බෞද්ධ දර්ශනය අධ්‍යයනය සහ බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීමෙහි ලා මහඟු කාර්යභාරයක් ඉටු කරයි.
විමසීම් පිටුවට යන්න