පහළට යන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ විහාරාධිපති

ආචාර්ය මාඉටිපේ විමලසාර හිමියන් 2015 වසරේ සිට විහාරාධිපති ධුරයේ කටයුතු කරන අතර ජාත්‍යන්තර බෞද්ධ ධර්ම දූතයෙකු වන උන්වහන්සේ ජාත්‍යන්තර බෞද්ධ සමුළු ගණනාවක විධායක ධූර ගණනාවක් ද හොබවති.

පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ විහාරාධිපති

විහාරාධිපති

ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර හිමි

ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර හිමි

ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර හිමි

විහාරාධිපති ස්වාමීන් වහන්සේ

විමලසාර හිමියන් ලොව පුරා බෞද්ධ ධර්ම දූතයෙකු ලෙස සේවය සලසන ලද අතර, බුද්ධගයා විහාරයේ ප්‍රධාන පරිපාලක ධූරය සිට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හි ධර්ම විජය විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කිරීම දක්වා ජාත්‍යන්තර ධර්මදූතයෙකු ලෙස උන්වහන්සේගේ සේවය අසමසමය. පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ විහාරාධිපති සහ අධ්‍යක්ෂ පදවියට 2015 දී පත් ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර ස්වාමීන් වහන්සේ ජාත්‍යන්තර බෞද්ධ සමුළු ගණනාවක විධායක ධූර ගණනාවක් ද හොබවමින් නොසැලෙන කැපවීමෙන් හා ප්‍රඥාවෙන් කටයුතු කරති.

42 වසරක උතුම් වූ බෞද්ධ සේවය

සුන්දර ගාලු පුරවරයේ මාඉටිපේ ග්‍රාමයේ දී 1959 වර්ෂයේ උපත ලද විමලසාර හිමිපාණෝ ගාල්ල මහින්ද විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූහ. කලාසූරී මාපලගම විපුලසාර මහ තෙරුන්වහන්සේගේ ශිෂ්‍යයෙකු වීමේ භාග්‍ය ලැබ 1980 වර්ෂයේ දී මහණ දිවියට එළැඹ 1981 වර්ෂයේදී උපසම්පදාව ලදහ. අනතුරුව උන්වහන්සේ සුප්‍රකට ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයෙන් සහ බරණැස් හින්දු විශ්ව විද්‍යාලයෙන් සිය උපාධි සහ පස්චාත් උපාධි ලබාගත්හ. පෙරදිග මෙන්ම අපරදිග භාෂාවන් හි නිපුණයෙකු ද වන විමලසාර හිමියෝ එතැන් සිට ජාත්‍යන්තර බෞද්ධ ධර්ම දූතයෙකු ලෙස කටයුතු කළ අතර, විශේෂයෙන්ම ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුල සේවය ඉමහත් ය.

සංඝ සභාවේ ඒකමතිකත්වයෙන් 2015 වර්ෂයේදී ආචාර්ය මාඉටිපේ විමලසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරම ධම්ම චේතිය මහා පිරිවෙනෙහි විහාරාධිපති ධූරයට පත්වූ අතර උන්වහන්සේගේ නායකත්වයෙන් පිරිවෙනෙහි ඉදිරි ගමන සහ එහි සේවාවන් තව දුරටත් පුළුල් කරමින් ඉදිරියට ගෙන යමින් සිටිති.

ධර්ම චාරිකාව

ධූරයන්
  • අධ්‍යක්ෂක, පරම ධම්ම චේතිය මහ පිරිවෙන.
  • සභාපති, පරම ධම්ම බෞද්ධ ආයතනය.
  • විදුහල්පති, ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල.
  • මහ ලේකම්, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය.
  • උප ලේකම්, සියම් නිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව.
  • සභාපති, ජාතික කලා පෙරමුණ.
  • ගරු උපදේශක, ශ්‍රී ලංකා භික්ෂුණී පර්ෂදය.
  • ප්‍රධාන අනුශාසක, භාරකාර මණ්ඩලය සහ විහාරස්ථාන බැතිමතුන්ගේ ආරක්ෂාව පිළිබඳ සභාව.
ජාත්‍යන්තර පදවියන්
  • මහ ලේකම්, ලෝක බෞද්ධ සංඝ සභාව.
  • මහ ලේකම්, ආසියානු බෞද්ධ මහා සම්මේලනය.
  • විධායක සභික, ලෝක බෞද්ධ සමුළුව.
  • ගරු සභාපති, සාමය සඳහා වූ ශ්‍රී ලංකා ආසියාවේ බෞද්ධ මධ්‍යස්ථානය (ABCP).
  • හිටපු ප්‍රධාන පරිපාලක, බුද්ධගයා විහාරය, ඉන්දියාව.
  • හිටපු විහාරාධිපති, ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ විහාරය, ඇමරිකා එක්සත් ජනපදය.
ශාස්ත්‍රීය ගමන් මග
  • බරණැස් හින්දු විශ්ව විද්‍යාලය, ඉන්දියාව
  • කල්කටා විශ්ව විද්‍යාලය, ඉන්දියාව.
  • පරම ධම්ම චේතිය මහ පිරිවෙන, රත්මලාන.
  • විද්‍යාරතන පිරිවෙන, හොරණ.
  • මහින්ද විද්‍යාලය, ගාල්ල.

විහාරාධිපති ස්වාමීන්වහන්සේලා

නායකත්ව ඉතිහාසය