මෙම කුඩා ආවාසයේ සිට ශිෂ්‍යයන් දෙතුන් දෙනෙකුගෙන් ඉගැන්වීම ආරම්භ වූ අතර, ඉතා කෙටි කාලයකින්ම එහි කීර්තිය පතලව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දහහත් නමක් දක්වා එය වර්ධනය විය. ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද පසු කලෙක ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයෙහිලා විශිෂ්ඨ සේවාවක් කරන ලද අතර, ඒ අතර සිටි පානදුරාවාදය, බද්දේගම වාදය ආදී ආගමික විවාදවලදී බෞද්ධ පිළෙහි ජයග්‍රහණයට උපස්ථම්භක වූද 1873 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කොට ලංකාද්වීපය පුරා ධර්ම ශාස්ත්‍ර ප්‍රබෝධයක් ඇති කළා වූද අති පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ද, පසුකාලීනව කැළණිය විශ්වවිද්‍යාලය බවට පත්වූ 1875 දී පිහිටවූ විද්‍යාලංකාර පිරිවෙණ ආරම්භ කල අති පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නාහිමි ද කැපී පෙනේ.
දිනෙන් දින වර්ධනය වූ කීර්තිය නිසා සිසු පිරිසද සියය ඉක්මවා සිටි අතර 1861 ජනවාරි මස 10 වන දින අභිනව පුස්තකාලයත්, කුටි සතකින් සමන්විත වූ ආවාස මන්දිරය සහ කුටි විසි එකකින් සමන්විත ශිෂ්‍ය නිවාස තුනකිනූත් සමන්විත රමණීය ආරාමය විවෘත කර ප්‍රවේශ වන ලදි. එතැන් පටන් මෙය "පරම ධම්ම චේතියාරාමය" යන අර්ථාන්විත නාමයෙන් හඳුන්වනු ලැබීය... පිරිවෙනේ සම්පූර්ණ ඉතිහාසය කියවන්න